කවියක්

සැලසුම් නොකළ කවියක්.......
An unplanned poem........

පැන්සලක්....අදහසක්...කවියක්
a pencil...an idea...a poem


අපි උන්නෙ නවනගරෙ වතුරමල ගාව.බලන්ගොඩ සිසු සැරිය පරක්කු වෙලා.අපි සමස්ත ගමනා ගමන මණ්ඩලය සිහිපත් කරමින් ඊළඟ බස් එක එනකම් හිටියා.

මාත් මගෙ මිතුරන් දෙදෙනාත් (ඔමෙත්,යාපා) උන්නු තැන්වලින් නැඟිට්ටේ චරිත අතලගේ ගේ සංගීතයට ඇහුම් කන් දෙන ගමන් අඩි කීපයක් ඇවිදින්න. මොකද අපිට 3.00 වෙනකම්ම කාලය තිබ්බා බස් එකක් එනකම්.

ඔය ඇවිදින අතරතුරේ තමයි මට බිම තිබිලා ඔය තිබ්බ පැන්සල හම්බෙන්නේ.ඒ පන්සල අතේ තියාගෙන එහාට මෙහාට දෙතුන් වතාවක් ඇවිදපු මට එකපාරට හිතෙනවා කවියක් ලියන්න. පසුම්බියෙන් ඇදල ගත්ත කර්ඩ්බෝර්ඩ් කෑල්ලක මන් ඒ කවිය ලියනවා. 

"එපා පැන්සලක්
බිම දමා යන්නට
එයත් එක ප්‍රාණයක්
කවි හුස්ම ගන්න
අරන් මේ පැන්සල
බිහි කරව නව කවක්
පණ ගැහෙන"

"එපා යන්නට
දමා තනිකර
මහ මඟ
මිල නොවෙන කවි දහක්
මියැදේවි ඒ එක්ක"

අලුත් කවියකට උපත දුන්නට ඒ පැන්සලට ස්තුතියි. ඒ පැන්සල අතරමඟ මට හමු වුණු තවත් ළමෙකුට දුන්නා.මගේ පසුම්බියේ තනි වෙලා ඉඳපු ඒ කවියට පරිගණක තිරයට එන්න අද ඔන්න අවසර ලැබුණා.

(ඡායරූපය අරගත්ත යාපාට ස්තුතියි. සිසු සැරිය නොඑව්ව ලංගම ත් අමතක කරන්න බෑ.)

Comments

  1. keep up the good work man!! <3

    ReplyDelete
  2. කියවද්දි ඒ අවස්ථාව මැවිල පෙණුනා..ගොඩක් ම ලස්සනයි...දිගට ම ලියන්න..සුභ පතනවා.. 🤍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog