අදහසක්.....

 ඇති යන්තම්.....


කලින් posts 2ටම සිංහලෙනුයි ඉන්ග්‍රීසියෙනුයි දෙකෙන්ම මාතෘකා තිබුණත් මේකට තියෙන්නෙ සිංහල මාතෘකාවක් විතරයි.

මට අනුව සිංහල භාෂාවේ තියෙන ආත්මාර්ථකාමීම යෙදුමක් තමයි ඇති යන්තම් කියන්නෙ.

වැස්ස වෙලාවක දුවල දුවල ඇවිත් හෙවණකට ගොඩ වුණාම ඇති යන්තම්.....

ඩීසල්වල මිල වැඩි වෙලා පෙට්‍රල්වල මිල වැඩි වුණේ නැත්නම් ඇති යන්තම්..... ඇයි අපිට තියෙන්නෙ පෙට්‍රල් වාහනයක්නෙ.

චීනෙට කොරෝනා කියල ලෙඩක් ඇවිල්ලලු. ඇති යන්තම්... අපි ලන්කාවෙ නෙ.

අර accident එකෙන් නැති වුණ 7දෙනා ළමයි නෙමෙයිලු.... ඇති යන්තම්.........
 
මේක මගෙ අදහස.වෙන කෙනෙක්ට වෙන අදහසක් දරන්න පුලුවන්.

 


Comments

Popular posts from this blog

කවියක්